නොනිමි සෙනෙහේ


 



අමා දහරකි මව්ගෙ  ප්‍රේමය

 නොනවතින පෙම් ගඟුල වී…..

සදා කල්හිම අඳුරෙ දිලෙනා

සුපුන් සඳ ඔබ අඳුර නිවනා ….

 

මගේ දිවිපෙත සරසවාලන ...//

මිණිපහන ඔබ සදා නොසැලෙන....//

 දණ නමා ඔබෙ පාද නමඳිමි

ආයු බෝ වේ මගේ මෑණිට….

 

 කුසේ හොවාගෙන ජීවය දුන් ඒ …//

ඇකේ හොවාගෙන උණුසම දුන් ඒ….//

 සෙනේ පුරෝගෙන ආදරෙ දුන් ඒ…//

 සදා නොසැලෙන ඉඳුනිල ඔබ සේ…….

 

අමා දහරකි මව්ගෙ  ප්‍රේමය

 නොනවතින පෙම් ගඟුල වී..….

සදා කල්හිම අඳුරෙ දිලෙනා

සුපුන් සඳ ඔබ අඳුර නිවනා …….    

                                          

පද රචනාව  : එම්. තිළිණි ක්‍රිෂ්මිකා

 ගායනය      :     පියුමි කෞශල්‍යා